26.7 C
Colombo
Monday, June 16, 2025

වෙසක් දවසේ බයික්වලින් ඇවිත් පාරේ යකා නටලා – බයික් 36ක් පොලීසියේ

- Advertisement -

ජනතාව භීතියට පත් කරමින් ඊයේ (12)  වෙසක් දිනයේදී වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 36ක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

ව්‍යාජ අංක තහඩු, සයිලන්සර් වෙනස් කිරීම් සහ යතුරුපැදි සඳහා අමතර කොටස් සවිකරමින් රථවාහන නීති උල්ලංඝනය කළ යතුරුපැදි 36ක් ද මෙහිදි පොලිස් භාරයට ගෙන ඇත.

රථවාහන අනතුරු වළක්වා ගැනීම සඳහා මාතර මූලස්ථාන පොලීසිය විසින් ඊයේ දිනයේදී මාතර නගරයේදී සිදුකළ රථවාහන පරීක්ෂාවකදි මෙම යතුරුපැදි 36 පොලිස් භාරයට ගෙන ඇති අතර අදාළ යතුරුපැදිකරුවන් විවිධ නාද රටා සහිත අමතර උපාංග සවි කර නීති රැසක් උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කර තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් යතුරැපැදිකරුවන් බහුතරයක් පුහුණු වීමේ රියදුරු බලපත්‍රය සහිත වයස අවුරුදු 18 -20 අතර පිරිස් වන අතර මෙම පිරිස ගාල්ල, වැලිගම, අකුරැස්ස, මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය පැවසීය.

පොලිස් භාරයට ගත් යතුරුපැදි මෝටර් රථ කොමසාරිස්වරයා හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

RECENT ARTICLES - SINHALA

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බර්තසාල් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි...

POPULAR ARTICLES