27.8 C
Colombo
Saturday, June 21, 2025

Breaking: රනිල්ගෙන් තවත් ඇමති කෙනෙක්

- Advertisement -

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොල මහත්මිය සෞඛ්‍ය, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර තිබෙනවා.

සීතා අරඹේපොල මහත්මිය මේ වන විටත් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය ලෙසට කටයුතු කරමින් සිටිනවා.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ගීතා කුමාරසිංහ මහත්මියව එම අමාත්‍ය ධූරයෙන් නෙරපීමෙන් පසුව මෙම අමාත්‍ය ධූරය හිස්ව පැවතුනා.

ඊයේ දිනයේ වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබුණා.

ඒ් අනුව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන අය මෙලෙස ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES