24 C
Colombo
Sunday, October 1, 2023

ඝාතනයකට ලක් වූ තවත් කාන්තාවකගේ හිසක් ගමන් මල්ලක

- Advertisement -

සැකකටයුතු ලෙස මියගිය කාන්තාවකගේ හිස සහ එක් අතක් නොමැති මළ සිරුරක් මතුරට ප්‍රදේශයේ දී සොයාගෙන ඇති අතර, පසුව ගමන් මල්ලක තිබිය දී එම කාන්තාවගේ හිස කොටස ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (16) එම ශරීර කොටස් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.

සිය මව නිවසෙන් පිටව ගොස් යළි නිවසට නොපැමිණි බවට ඇයගේ පුත්‍රයා විසින් පසුගිය 06 වැනිදා හඟුරන්කෙත පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබූ අතර පුත්‍රයා ගම්වාසීන් සමග සිදු කළ සෝදිසි මෙහෙයුමක දීයි අදාළ සිරුර සොයාගෙන තිබෙන බව සඳහන්.

එම අවස්ථාව වනවිටත් එම සිරුර නරක් වී තිබී ඇති අතර එම සිරුරේ හිස කොටස සහ එක් අතක් තිබී නොමැති බවයි වාර්තා වන්නේ.

පොලිසිය වහාම ක්‍රියාත්මක වී තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී ගමන් මල්ලක තිබී හිස කොටස සහ ඒ ආසන්නයේ තිබී කාන්තාවගේ අත කොටස ද සොයාගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රුක්වුඩ් වත්ත, හේවාහැට ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක්.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක 8කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයකට මේ වන විට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. මේ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ...

අලි සබ්රි නිසා ලාංකිකයින්ට කැනඩාවේ වීසා අහිමි වන ලකුණු ?

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් කැනඩාවට එරෙහිව සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙරට දරුවන්ට කැනඩාවේ අධ්‍යාපනය ලැබීමටය සහ රැකියා කිරිමට ඇති අවස්තාව අහිමි...

ගංගා ආශ්‍රිත පහළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දීමක්

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්‍රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...