26 C
Colombo
Wednesday, October 4, 2023

අලුතින් තවත් කැබිනට් මණ්ඩලයක්..!

- Advertisement -

ඉදිරි පැය කිහිපය තුළ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා ව්නවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ දී මේ පිළිබඳව අවධානය යොමුව ඇති බවයි පැවසෙන්නේ.

එහිදී රට තුළ පවතින අර්බුදකාරී වාතාවරණය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ එම අර්බුදවලට විසඳුම් ලබාදීමට ද හැකිවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා සඳහන් කරනවා.

“ඉදිරි දින කිහිපය තුළ තෙල් අර්බුදයටත්, විදුලි හා ගෑස් අර්බුදයටත් ප්‍රධාන වශයෙන් ජනතාව මුහුණදෙන මේ අර්බුද තුනට විසඳුම් ලබාදෙන්න කටයුතු කරනවා. තව පැය කිහිපයක් ඇතුළත නව කැබිනට් මණ්ඩලය පත්කරයි. ඒ කැබිනට් මණ්ඩලය පත්කරලා අපි නව වැඩසටහනක් තුළින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කටයුතු කරනවා. විපක්ෂයේ කවුරුත් මේ වෙනවිට කැමැත්ත පළ කර නැහැ. ඒ නිසා ආණ්ඩුව තුළින්ම නව කැබිනට් මණ්ඩලයක් පත්වෙයි. දිනයක් හෝ දින දෙකක් ඇතුළත පත්වෙයි. බැසිල් රාජපක්ෂ සහභාගි වුයේ නෑ. කැබිනට් මණ්ඩලයට කිසිදු නමක් මේ වන විට යෝජනා කරලා නෑ.”

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා,

“මුදල් පනත ගේනවා උදේ පාර්ලිමේන්තුවට. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ජනතා විරෝධතා එක්ක ඇතිවෙලා තියෙන ප්‍රචණ්ඩත්වය හා මේ කියන තත්ත්වයන් සමනය කරන්න මොනවා ද කරන්න ඕනේ කියන කාරණා ගැන සාකච්ඡා කළා. රසායනික පොහොර දෙන්න යන තීරණය ගැන පසුගිය දිනකත් සාකච්ඡා කළා. ඒ අදාළ තීරණය අරන් තියෙනවා. රසායනික පොහොර අපි ලබාදෙනවා ගොවීන්ට. අපි බැලුවේ වඩා හොඳ කාබනික පොහොර ලබාදීමේ කාරණය ගැන. ඉතින් අපේ බහුතරය තියෙනවා. අපිට සතුටුයි තුනෙන් දෙක රැකගන්න පුළුවන් වුණානම්. නැවතත් ඒ අය එක්ක කථා කරලා නැවත ආණ්ඩුවට ගන්න කටයුතු කරගෙන යනවා. මොකද ඒ අය අපිත් එක්ක මේ සටනේ හිටිය අය නිසා.”

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...