25 C
Colombo
Saturday, March 22, 2025

මවක් ඝාතනයට අනුබල දුන් තවත් අයෙක් අත්අඩංගුවට

- Advertisement -

දඹගල්ල පොලිස් වසමේ කොලොන්කඳපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ මවක් පුළුස්සා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 35ක් වූ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ  35 හැවිරිදි පුත්‍රයා, අවුරුදු 30ක් වන දියණිය සහ අවුරුදු 34ක් වූ මියගිය කාන්තාවගේ ලේලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය කර ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ කොලොන්කඳපිටිය, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් වනවා.

එම කාන්තාවට උදැල්ලකින් පහරදී පුළුස්සා ඝාතනය කර ඇති බවට සිදුකරනලද විමර්ශන අනුව අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවා.

මේ අතර, පසුගිය මස 19වනදා එරගම පොලිස් වසමේ අරෆා නගර් ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි  සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා.

එම අපරාධය සිදුකළ සැකකරු අපරාධයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් වැලිකන්ද පොලිස් වසමේ කටුවන්විල ප්‍රදේශයේ සැගව සිටියදී එරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පෙරේදා (12) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 44 ක් වන අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

අයවැයට කථානායකගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අද (21) සිය සහතිකය සටහන් කළා. ඒ අනුව මෙම විසර්ජන පනත්...

POPULAR ARTICLES