කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධියට අදාළව එම අධිකරණයේ සේවයේ නියුතු තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අධිකරණයේ සේවයේ නිරතව සිටි සිතාසි හා ඇස්කීසි ක්‍රියාත්මක කරන්නෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (22) දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.
කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියද අත්අඩංගුවට ගත් අතර මේ වන විය ඇය රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.