27.2 C
Colombo
Saturday, June 21, 2025

මාලිගාකන්ද වෙඩිතැබීමට තවත් අයෙක් අත්අඩංගුවට

- Advertisement -

මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතරවාරයේදීයි.

එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අපරාධය සිදුකළ වෙඩික්කරු ගිනි අවියද සමග සැඟව සිටි නිවසේ අයිතිකරු සහ ඔහුගේ බිරිඳ විසින් ගිනි අවිය බැහැර කර ඇති බවට හෙළිව තිබෙනවා.

ඒ අනුව පසුගිය 20 වැනි දින ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ත්‍රීරෝද රථ රියදුරෙකුට ලබා දී ඇති බවයි.

ඒ අනුව එම ත්‍රීරෝද රථ රියදුරුද පසුගිය 22 වැනි දින පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ජම්පටාවීදිය වෙත රැගෙන ගොස් වෙනත් පුද්ගලයෙකුට ලබා දී ඇති බවයි.

අනාවරණය කරගත් තොරතුරු මත ගිනි අවිය ලබා ගත් එම සැකකරුද ඊයේ (24) දින සවස් කාලයේදී වෙරළබඩ පොලිස් වසමේ ජම්පටාවීදිය ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමට අධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 37ක් වන ජම්පටාවීදිය කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සහ මරදාන පොලීසිය සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES