28 C
Colombo
Thursday, January 16, 2025

සීදුව වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් අයෙක් මරුට

- Advertisement -

සිදුව, වෙලබඩ ප්‍රදේශයේදී පසුගිය 28 වැනිදා සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවාල ලැබූ අතර, 53 හැවිරිදි එක් අයෙකු එදින ජිව්තක්ෂයට පත් වුණා.

ඒ අනුව වෙඩි තැබීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස අද ජිවිතක්ෂයට පත් වුණේ 73 හැවිරිදි රෝහල්ගතව සිටි පියායි.

එමෙන්ම පොලිසිය සඳහන් කළේ, වෙඩි වැදුණු එක් අයෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

සිදුව, ලියනගේමුල්ල වෙලබඩ ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පසුගිය දෙසැම්බර් 28 වැනිදා පස්වරුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පළාගොස් තිබුණා.

එම වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ අතර, එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා සැකකරුවන් පලාගිය අතර, එම මෝටර් රථය කටුනායක කෝවින්න ප්‍රදේශයේ ආදාහනාගාරයක් අසල ගිනි ගැනීමකට ලක්ව තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

චීනය හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමකට එකඟතාවක්

සමානාත්මතාව, අන්‍යෙන්‍ය ප්‍රතිලාභ සහ දෙපාර්ශ්වයටම ඵලදායී ප්‍රතිඵල යන මූලධර්මවලට අනුකූලව ශ්‍රී ලංකාව හා චීනය අතර විස්තීර්ණ නිදහස් වෙළෙඳ ගිවිසුමක් කඩිනමින් අවසන් කිරීම සඳහා දෙපාර්ශ්වය...

2025 ගෙවුණු දින 16ට වෙඩි තැබීම් 5ක් : සජිත්ගෙන් ඉල්ලීමක්

රට තුළ අත් දකින්නට ලැබෙන වෙඩි තැබීම් සිදුවීම් නතර කර, පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් සහ ආරක්ෂක අංශවලින් ඉල්ලමින් විපක්ෂ...

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

POPULAR ARTICLES