ගොඩ බෑමේ ආම්පන්න සම්බන්ධයෙන් මතු වූ දෝෂයක් හේතුවෙන් දකුණු කොරියාවේ – ගිම්පෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වූ ජේජු ගුවන් සේවයට අයත් යානයක් යළි ගොඩබස්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය තුළ සිටි මගින් 161 දෙනා සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ගොඩ බැස්වූ අතර, ඔවුන් සියලු දෙනා සුරක්ෂිත බවයි.
ඊයේ දිනයේත් ජේජු ගුවන් සේවයට අයත් මෙම මාදිලියේම යානයක් දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්වීමේදී අනතුරට ලක් වූ අතර ඉන් මගින් 179 දෙනෙකු මිය ගියා.
ජේජූ ගුවන් සමාගමට අයත් බෝංයි 737 – 800 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වී පැය 24ක් ගත වන්නටත් පෙර යළිත් මෙවන් සිදුවීමක් වාර්තා වීම සියල්ලන්ගේම අවධානයට ලක්ව තිබෙනවා.