29.5 C
Colombo
Wednesday, July 9, 2025

තවත් පොලිස් සැරයන්වරයෙකුගේ ගිනි අවියක් ඉබේ දැල්වෙයි

- Advertisement -

මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රිරොද රථයක් පරීක්ෂා කළ මල්වතුහිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්සහ කළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් අතරතුර පොලිස් සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කරන්නේ, 51 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති බවයි.

මල්වතුහිරිපිටිය නිලධාරීන් කණ්ඩායමක් අද (10) අලුයම වාහනයක් පරීක්ෂා කරමින් සිටින අතර තුර බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම ත්‍රිරෝද රථයේ රියදුරු පරීක්ෂා කිරීමේදී ඔහු පැන යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය හා පොරබැදීමක් සිදුව ඇති බවත් එම අවස්ථාවේ ගිනි අවිය පත්තු වී ඇති බවත් පොලිසිය පවසනවා.

කෙසේ වූවද අදාල සැකකරු පත්තු වූ ගිනි අවියද රැගෙන ත්‍රිරෝද රථයෙන් පළා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

තුවාල ලත් සැරයන්වරයා ප්‍රතිකාර පිනිස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

නවකවධය වැළැක්වීමට නිර්දේශ රැසක්

විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවධය වැළැක්වීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිර්දේශ කිහිපයක්   ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව නවකවධය පිළිබඳ සිදුවීම් වාර්තා කිරීම සඳහා පැය...

POPULAR ARTICLES

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...