27 C
Colombo
Monday, September 9, 2024

ගෝඨාභයගේ තවත් ජනාධිපති සමාවක් ගැන නඩුවකට දින දෙයි

- Advertisement -

මිරිසුවිල් සමූහ මිනිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක මහතාට සමාව ප්‍රදානය කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනුලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම පෙත්සම ජනවාරි මස 15 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා .

අදාළ සිද්ධියෙන් මියගිය පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ආචාර්ය අම්බිකා සත්කුණනාදන් ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට විරෝධතා ගොණුකිරීම සඳහාද මෙහිදී අධිකරණය විසින් කල් ලබා දුන්නා.

2000 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී කුඩා ළමයකු ඇතුළු සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා දමා වල දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබුවා.

නඩුවේ විභාගයෙන් අනතුරුව වරදකරු කෙරුණු සුනිල් රත්නායක නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා.

ඉන් අනතුරුව එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

එම අභියාචනා පෙත්සම විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකාර සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කරමින් කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුව 2017 වසරේ මැයි මස 20 වැනිදා තහවුරු කළා.

කෙසේවෙතත්, ඉන් අනතුරුව මරණීය දණ්ඩනය ලබා සිටි සුනිල් රත්නායක නැමැත්තා 2020 වසරේ මාර්තු මස 26 වැනිදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ප්‍රදානය කොට නිදහස් කරනු ලැබුවා.

මේ අතර, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකාබලමින් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියමවී සිටි යුද හමුදා සැරයන් සුනිල් රත්නායක මහතා ව ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතිසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මාර්තු 17 වන දින නියෝග කළා.

සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප්‍රදානය කර මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.


RECENT ARTICLES - SINHALA

හොඳින් හරි නරකින් හරි ඡන්ද ටික අපි ගන්නවා – තුෂාර සංජීව

තම ගෙවල් ගිනි තැබීමෙන් තමා බියට පත් නොවන බවත්, අපේ රටේ අනාගතය රනිල් වික්‍රමසිංහගෙන් පිට ගියහොත් මෙරට බංගලාදේශයක් වන බවත්, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර...

හොරුත් එක්ක දීග කන්න මට ලැජ්ජයි – සජිත්

ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් ඒකාධිපති ආඥාදායකත්වයක් ගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු...

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...