30.4 C
Colombo
Wednesday, April 24, 2024

තවත් අරගලකරුවෙක්ව පොලිසිය මහමගදී රැගෙන යයි

- Advertisement -

නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යසංගමයේ ක්‍රියාකාරික, රුහුණු මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනි වෙරංග පුෂ්පික අද (27) පස්වරුවේ පොලිසිය විසින් රැගෙන ගොස් තිබෙනවා.

කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයකින් පසුව ගුරු මැදුර වෙත යාම සඳහා බස් රියකට ගොඩවැදී සිටියදී 6 ගෙන් සමන්විත සිවිල් පිරිසක් විසින් ඔහුව රැගෙන ගොස් නිල් පැහැ ජීප් රියක දමාගත් බවයි පැවසෙන්නේ.

ඔහු අනිද්දා පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙසත් සේවය කර තිබෙනවා.

මේ අතර ඊයේ (26) සවස් කාලයේදී කටුනායක ගුවන් යානයකදී අත්අඩංගුවට ගත් පුද්ගලයා චෝදනා රාශියකට සැකකරුවෙකු වශයෙන් හඳුනාගෙන ඇති බව පොලිසිය පවසනවා. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.


RECENT ARTICLES - SINHALA

බෝ අත්තක් කොළඹ ප්‍රධාන මාර්ගයකට වැටී අනතුරක්

කොළඹ සංඝරාජ මාවත අසළ පිහිටි විහාරයක බෝ ගසක අත්තක් කඩාවැටීමෙන් මීට සුළු මොහොතකට පෙර අනතුරක් සිදුව තිබෙනවා. ශ්‍රී සංඝරාජ බෝධිමළු විහාරයේ බෝ ගසේ අත්තක් මෙලෙස...

කරාපිටියට අති නවීන CT ස්කෑන් යන්ත්‍රයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුතු CT ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා එක්කිරීම අද (24) සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය...

විවාදයට දින ගන්න සාකච්ඡාවකට එන්න – සජබ

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව අතර විවාදයක් පැවැත්වීම සඳහා එකඟ වන්නේද යන්න සම්බන්ධයෙන් විමසමින් සමඟි ජන බලවේගයේ මෙහෙයුම්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...