ඕනෑම කාලගුණ තත්වයක් යටතේ ශ්‍රී ලාංකිකයෙකු මීටර් 100 තරඟයකදී වාර්තා කළ හොඳම කාලය යුපුන් අබේකෝන් ඊයේ (18) වාර්තා කළා.
ඒ, ඉතාලියේ පැවති මීටර් 100 ධාවන තරගයක දීයි. එහිදී ඔහු තප්පර 10.04ක කාලයකින් තරඟය නිමා කළා.
එම වාර්තාගත මූලික වටයෙන් පසුව පැවති අවසන් තරගයේ දී සිව්වැනි ස්ථානය දිනා ගැනීමට යුපුන් සමත් විය.