Breaking: දේශබන්දුට අධිකරණයෙන් තවත් සහනයක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කර තිබෙනවා. ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව අදාළ විදෙස් ගමන් තහනම පනවා තිබුණා. ඒ අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ විදෙස් ගමන් තහනම අද ඉවත් කරනු ලැබූවා.