26 C
Colombo
Wednesday, January 22, 2025

ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත තවත් සෙට් එකක්

- Advertisement -

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන ඇති අයගේ තවත් ලේඛනයක් ඉදිරියේදී නිකුත්කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ තමා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ, 2005 වසරේ සිට 2024 දක්වා දේශපාලකයින් ලබාගෙන ඇති මුදල් පමණක් බවයි.

කෙසේවෙතත් ජනාධිපති අරමුදල අවභාවිත කර ඇද්දැයි යන්න සොයාබලන බවද අමාත්‍යවරයා පැවසුවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා :

“1978 මෙම ජනාධිපති අරමුදල පනත මගින් නිශ්චිතව කාණ්ඩ 5ක් යටතේ මුදල් ලබාදීමට අවස්ථාව ලබාදීල තියෙනවා. ඥාන වර්ධනයට උදව්කරන්න, ජාතික වැදගත්කමක් ඇති පුද්ගලයින්ට යම් සහායක් ලබාදීමට, දරිද්‍රතාවයට සහන සලසන්න, ඒ වගේම එහි අවසාන කැටගරි එකේ තියෙනවා ඒ මණ්ඩලය විසින් තීන්දු කරන අයට දෙන්න පුළුවන් කියලා. ඔන්න ඔය අවසාන කැටගරි එකෙන් තමයි ඒ අවස්ථාව සලසා ගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ රටේ ජනතාවට අත්දැකීමක් තියෙනවා හෘද සැත්කමක් කර ගත්තොත් නැත්නම් යම් ප්‍රතිකාරයක් ගත්තොත් ඒකට රුපියල් ලක්ෂයක්, 1 1/2ක් ගන්න කොතරම් දුක් විඳින්න ඕනෙද කියලා. ඒ ඉල්ලන මුදල ලැබෙන්නෙත් නැහැ. ඒකට ලියුම් කියුම් පුරවන්න සෑහෙන්න රස්තියාදුවක් වෙන්න සිද්ද වෙනවා. මම ඉදිරිපත් කළේ 2005 සිට 2024 දක්වා යම් යම් කාලවල දේශපාලකයන් විසින් ලබාගත් මුදල් පමණයි. ඊට කලින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලයේත් මේ විදියට අරගෙන තියෙනවා. මම ඉදිරිපත්කළ ලේඛන වලට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, සභාපතිවරු, පළාත් සභා ඇමතිවරු මේ විදියට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගෙන තියෙනවා. මේක ඇත්තටම සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. මෙම මුදල් සමහර අයට රුපියල් ලක්ෂ සීය, 110 ලබාදීල තියෙන්නේ කොටස් වශයෙන් නොවෙයි කෙළින්ම දීලා. රු ලක්ෂ 5ක් සාමාන්‍ය කෙනෙක්ට දුන්නොත් ඒක දෙන්නේ කොටස් වශයෙන්. බලය තමන්ගේ අතේ තියාගෙන ඒ අය ලොකු හැන්දෙන්ම තමන්ට බෙදා ගෙන තියෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. කොහොම නමුත් අර ඉතිරි ලේඛනය ඉදිරියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කරලා තියෙන්නේ”

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES