26.7 C
Colombo
Saturday, June 14, 2025

Forbes 30 Under 30 ලැයිස්තුවට ලංකාවේ ව්‍යවසායිකාවක්

- Advertisement -

ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායිකාවක වන යානිකා අමරසේකර Retail & Ecommerce අංශයෙන් 2025 Forbes 30 Under 30 ආසියා ලැයිස්තුවට නම් කර තිබෙනවා.

විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීමට ශ්‍රී ලංකාවේ පළමු වරට ආරම්භ කළ ඩිජිටල් වේදිකාව වන  Silver Aisleහි නිර්මාතෘවරිය ඇයයි.

2019 වසරේදී ආරම්භ කළ මෙම ඩිජිටල් වේදිකාව මේ වන විට ජීවිතයේ සියලු අවස්ථාවන් සඳහා තෑගි වෙන් කිරීම හා බෙදා හැරීම, භෝජන සහ නිවාඩු පැකේජ සහ අශ්වයින් පැදීම, ගොල්ෆ් සහ මැටි භාණ්ඩ සැකසීම  ආදී විවිධ අංශ යටතේ සේවාවන් සපයන පුළුල් ව්‍යාපෘතියක් බවට පත්ව තිබෙනවා.

යානිකා අමරසේකර ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය ආයතන වලින් එකක් වන එල්.බී. ෆිනෑන්ස් සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙසද කටයුතු කරනවා.

ඇය ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් ව්‍යාපාරික පාසලෙන් ව්‍යවසායකත්වය, නවෝත්පාදන සහ කළමනාකරණය පිළිබඳ MSC උපාධියක් සහ දේශපාලන ආර්ථිකය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් සහ කැලිෆෝනියාවේ UC Berkeley හි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත‍්‍රවේදී උපාධියක් ලබා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තමිල්නාඩු – කන්කසන්තුරේ බෝට්ටු සේවාව තාවකාලිකව නවතයි

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබෙනවා. ඒ මුහුදු ප්‍රදේශවල පවතින අයහපත් කාගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්. ඉන්දීය...

“මම මුලින්ම කරේ ලොකු පුටුව අයින් කරපු එක” – ලාල් කාන්ත

තමා අමාත්‍යාංශයට ගොස් සිදු කළ පළමු කාර්යය වූයේ අමාත්‍යවරයාට වෙන් කොට තිබූ “ලොකු පුටුව”ඉවත් කිරීම බව කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත...

බලන්ගොඩ පාසල් සිසුවාගේ මිය යෑම ගැන පරීක්ෂණයක්

බලංගොඩ රජවක මහ විදුහලේ  ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුවකු මිය යෑම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කර සතියක් තුළ වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන සහ උසස්...

POPULAR ARTICLES

රත්තරන් වැසිකිළියක් සොරා ගත් දෙදෙනෙකුට එංගලන්ත උසාවියෙන් දඬුවම්

කලා ප්‍රදර්ශනයක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 6.4 ක් වටිනා රන් වැසිකිළියක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය අධිකරණයක් විසින් වසර දෙකකට වැඩි සිර දඬුවමක් නියම...