තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (03) පෙරවරුවේ දිවුරුම් දුන්නා.
දිලුම් අමුණුගම මහතා මේ වන විට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේද කටයුතු කරනවා.
