27.5 C
Colombo
Wednesday, October 4, 2023

සරත් වීරසේකරගෙන් බුර්කාව ගැන යළිත් ප්‍රකාශයක් (වීඩියෝ)

- Advertisement -

බුර්කාව තහනම පිළිබදව මේ වන විටත් සාකච්ඡාවට බදුන් වෙමින් පවතින බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

අදාල තහනම පිළිබදව පකිස්ථාන රජය සිය විරෝධය පලකර තිබෙන නමුත් වත්මන් රජය පකිස්ථානයට අවශ්‍ය අකාරයෙන් කටයුතු නොකරන බවට ඔහු වැඩිදුරටත් අදහස් පළකලා.

එමෙන්ම බුර්කා තහනම පිළිබදව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කොට ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේද සාකච්ඡා කිරීමට තිබෙන බවයි සරත් වීරසේකර මහතා පවසන්නේ.

කෙසේ වෙතත් මීට පෙර සරත් වීරසේකර අමාත්‍යවරයා සදහන් කළේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක්ව පවතින බුර්කාව තහනම් කිරීමට අදාල පනත් කෙටුම්පතට තමන් අත්සන් කළ බවයි.

එමෙන්ම එය ඊයේ (15) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු සදහන් කළා.

කෙසේ වෙතත් ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේදී එවන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීමද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ආරක්ෂාව යොදවා තිබෙනවා. දුම්රිය නියාමක සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්...

බදු වැඩි වෙන්නේ ගෝඨාභය එලෙව්ව නිසා – නාමල් රාජපක්ෂ

පසුගිය වසරේ පැවති අරගලය හා හිටපු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළවා හැරීම බදු වැඩි වීමට හේතු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...