කළුතර උතුර කොට්ටම්බගහවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් ගොඩගසා තිබියදී සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ ඊයේ (27) පස්වරුවේ එම මළසිරුර සොයාගත් බවයි.
අවුරුදු තිස් පහත් හතළියත් අතරේ පසුවන බවට සැක කෙරෙන මියගිය පුද්ගලයාගේ උස අඩි පහයි අගල් හයක් පමණ වනවා.
එය ඝාතනයක්ද සිය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳ කළුතර උතුර පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මේ වන විට දිවයින පුරා දිනපතා ඝාතනයන් හා නාදුනන මළසිරුරු ගංඟාවල හා මුහුදු තීරයන්ගේ දක්නට ලැබීම සුලබ සිදුවීමක්.