ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතර පවතින සන්නිවේදනය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව සඳහන් කර තිබෙනවා.
ඔවුන් එම නිවේදනය මඟින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයෙකු වශයෙන්, පවතින අපහසුතා සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැඳී සිටින බවයි.