28.4 C
Colombo
Wednesday, July 9, 2025

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදා හැරේ

- Advertisement -

කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබෙනවා.

ඔහුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මුදාහැරි බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, බොරලැස්ගමුවේ විමලානන්ද හිමි සහ සීවලී හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් යන අයට එරෙහිව මාළිගාකන්ද අධිකරණයේ පවරා ඇති නඩුව සඳහා මෝසමක් ගොනු කරමින් ඉදිරිපත් වන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

මැතිවරණ පනත, මංමාවත් පනත මෙන්ම පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණය කරමින් පෙළපාළියක් ආකාරයෙන් ගමන් ගත් බවත් කොටුව සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම උද්ඝෝෂකයින් රාජකාරි නිමවා නිවෙස් වෙත යන සේවකයන්ට අවහිර වන ලෙස සම්පූර්ණයෙන්ම පාරක් අවහිර කරමින් ගමන් ගත් බවත් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් පොලීසිය අධිකරණයට දන්වා තිබුණා.

මෙම සැකකරුවන් කිසිදු අපේක්ෂකයෙකුට සහාය දීමක් සිදුකර නොමැති බවද අනාවරණය වුණා.

මැතිවරණ සමයේ විරෝධතා පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති හෙයින් ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු එම ස්ථානයට පැමිණ දැනුම් දී තිබුණා.

නමුත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග මංමාවත් අවහිර කරමින් සාපරාධී බලහත්කාරය පෑම මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.

මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඔවුන් උද්ඝෝෂණය කළ බව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මඩුල්ල අධිකරණයෙන් කළ ඉල්ලීම සහ දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ව අප මත මුදා හරිනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

වාහනවල තත්වය බලන වැඩක්

වාහනවල තත්ත්ව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ,...

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

POPULAR ARTICLES