28.2 C
Colombo
Saturday, April 20, 2024

ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රාන්‍තයේ මුස්ලිම් විරෝධී කෝලාහල ඇවිළෙයි

- Advertisement -

ඉන්දියාවේ ඊසානදිග ත්‍රිපුර ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලිවලට සහ මුස්ලිම්වරුන්ට අයත් දේපළවලට එල්ල වූ ප්‍රහාරවලින් පසු නොසන්සුන්තාවක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.

විපතට පත් ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති අතර රැස්වීම්වලට සීමා පැනවීමට ද කටයුතු කර තිබෙනවා.

ප්‍රචණ්ඩකාරී වාතාවරණය හටගෙන ඇත්තේ හින්දු කණ්ඩායම් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමකින් පසුවයි.

අසල්වැසි බංග්ලාදේශයේ හින්දු භක්තිකයින්ට එල්ල වූ ප්‍රහාරවලට එරෙහිව විරෝධතා රැළියක් පැවැත්වීමට පොලීසිය අවසර නොදීමට එරෙහිව මෙම කණ්ඩායම් විරෝධතාවයේ නිරත වී තිබෙනවා.

වාර්ෂික හින්දු ආගමික උත්සවයක් වන දුර්ගා පූජා සඳහා පිහිටුවා ඇති විශේෂ මණ්ඩපයකදී අල් කුරානයට අපහාස කර ඇති බවට කටකතා පැතිරීමෙන් මේ මස මුලදී බංග්ලාදේශයේ අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු ඝාතනය කර හින්දු සුළුතරයේ නිවාස,කෝවිල් සහ ව්‍යාපාර සිය ගණනක් ගිනිබත් කිරීමට කටයුතු කර තිබුණා.

ත්‍රිපුර ප්‍රාන්තය පැති තුනකින් බංගලාදේශයෙන් වට වී ඇති අතර අසල්වැසි ඇසෑම් ප්‍රාන්තයට තුනී කොරිඩෝවකින් සම්බන්ධ වී තිබෙනවා.

එම ප්‍රාන්තය වසර 25ක කොමියුනිස්ට් පාලනයෙන් පසු 2018 සිට ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් ප්‍රාන්තය පාලනය කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...