24 C
Colombo
Tuesday, March 21, 2023

‍රනිල් සමඟ සාකච්ඡාවකට අනුර එකඟ වෙයි

- Advertisement -

සිදුකර ඇති ආරාධනයට අනුව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

අනිද්දා පස්වරුවේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා සිය පක්ෂය සහාය ලබානොදෙන බවයි එහි ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කරන්නේ.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෝගය ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා විවෘත ආරාධනයක් කරනු ලැබූ අතර ඒ අනුව මේ වන විටත් සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, පාර්ලිමේන්තුවේ ස්වාධීන වු පක්ෂ 10 කණ්ඩායම ඇතුළු කණ්ඩායම් කිහිපයක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා තිබෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැති සාකච්ඡාවලදී ඉදිරිපත් වු යෝජනා එම සාකච්ඡාවලට සහභාගී වු සියලු පක්ෂවලට හෙට (08) දිනයේ ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබුණි.

කෙසේවෙතත් සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වන බවට තමන් ප්‍රකාශ කර නොමැති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේ, සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා සිය පක්ෂයේ යෝජනා 10ක් ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි. අදාල යෝජනා සැලකිල්ලට ගනිමින් අවම පොදු ජාතික වැඩපිළිවෙල දෙස විමසිලිමත්ව බලා සිටින අතර එය ක්‍රියාත්මක කිරිම පිණිස සැකසෙන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දක්වන්නේ නම් ඒ පිළිබදව විවෘතව මහජනයා වෙත දැනුම් දෙන බව විමල් වීරවංශ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

ලංකාවට IMF එකෙන් ලැබෙන පළමු මුදල ගැන හෙළිදරව්වක්

0
ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ මුල්‍ය සහනයක් අනුමත කළ බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඊයේ (20) රාත්‍රියේ නිල වශයෙන්...

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.