ඉදිරියේදී පැමිණෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය කිරිමේ ශක්තිය සමගි ජනබලවේගයට තිබෙන බවත් රටේ ඊළඟ ආණ්ඩුව පිහිටුවන්නේ සමගි ජනබලවේගය ප්‍රධාන සමගි ජන සන්ධානය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පවසනවා.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා මේ බව සඳහන් කළා.
ඔහු එහිදී තවදුරටත් පවසා ඇත්තේ රටේ ජනතාව නැවතත් ගෝඨාභය දෙක බලාපොරොත්තු නොවන අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යනු ගෝඨාභයගේ පාට් ටූ බවයි.
එමෙන්ම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව අත්අඩංගුවට ගත යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබෙනවා.
ජේ. සී අලවතුවල මහතා මෙහිදී රජයෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.