ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුකළ කතාව එතරම් හොඳ කතාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පවසනවා.
ජනාධිපතිවරයා හැසිරෙන්නේ තුන්මුල්ලේ විමලේ ලෙස බව අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දැමීමට කටයුතු කළද ඔහුට ගෙවල් 10 ක් අරන්දීමට පිරිස සිටින බවත් ඔවුන් නිවසෙන් ගියද ඔවුන්ගේ නාමය නැතිවීමක් සිදුනොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අභියෝග කර තේරුමක් නොමැති බව පැවසු චාමර සම්පත් මහතා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට අභියෝග කරන ලෙස පැවසුවා.
”පත්වුණ ලාබාලම ජනාධිපති තමයි අනුර.ජනාධිපති තුමාට ජනාධිපති වගේ හැසිරෙන්න කියන්න……මහින්ද රාජපක්ෂගේ ගේ ගන්න කියන්නකෝ.ලක්ෂ 44කට කුලියට දෙන්න බැහැ. කොණ්ඩෙ බැඳපු චින්නුන්ට තමයි දෙන්න වෙන්නෙ.ඔය විජේරාමේ ගෙවල් ගන්න කවුරුත් නැහැ.ලක්ෂ 44 කුලියට දෙන්නකෝ …බණ්ඩාරනායකල තමයි මේ රටට ඉඩම් 4000ක් දුන්නේ…හෙට ගෙදර ගියා කියලා නාමය නැතිවෙන්නේ නැහැ.මහින්ද රාජපක්ෂට ගෙවල් දහයක් අරන් දෙන්න මිනිස්සු ඉන්නවා.මහින්දගේ සිකියුරිටි එක අයින් කරන්න.දකුණෙන් එන්න ඕන තරම් මිනිස්සු ඉන්නවා……ජනාධිපති නිකන් තුම්මුල්ලේ විමලේ වගේ හැසිරෙන්නේ.ඊට වැඩිය හොදයි තුම්මුල්ලේ විමලේ….අපිට සිකුරිටි ඕන්නැහැ.තව මාස හයකින් ඔයාලට සිකියුරිටි හොයාගන්න වෙනවා.”