31 C
Colombo
Wednesday, February 12, 2025

චීනයේ සතුටුම නගරයට ගිය අනුර

- Advertisement -

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව අද (17) පෙරවරුවේ සිදුව තිබෙනවා.

සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැක ගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙස ප්‍රමුඛස්ථානයක් ගෙන තිබුණා.

ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බවයි පැවසෙන්නේ.

චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බවද පවසා තිබෙනවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES