25 C
Colombo
Monday, October 14, 2024

අනුරාධපුර ප්‍රධාන දුම්රිය වර්ජනය අවසන්

- Advertisement -

අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රාජකරියේ නිරතව සිටින දුම්රිය නියාමකවරු පිරිසක් අද (18) පෙරවරුවේ සිට ආරම්භ කරන ලද වැඩ වර්ජනය පස්වරුවේදි අවසන් වුණා.

දුම්රිය නියාමකවරුන් එලෙස වර්ජනයක නිරත වුණේ, අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රථ ගාලේ නවතා තිබු දුම්රිය නියාම වරයෙකුට අයත් යතුරු පැදියක් මත තිබු හිස්වැසුමක් කිසිවෙකු විසින් සොරා ගෙන යාමේ සිද්ධියකට විරෝධය දක්වමින්.

ප්‍රධාන දුම්රිය නියාමක පි.කේ.පි.පිරිස් මහතාට අයත් යතුරු පැදිය දුම්රිය ස්ථානයේ රථ ගාලේ නවතා තිබියදි යතුරු පැදිය මත තිබු හිස්වැසුම කිසිවෙකු විසින් ඊයේ රාත්‍රියේ සොරා ගෙන ගොස් තිබුණා.

දුම්රිය ස්ථානයේ පිහිටි රථ ගාලේ නිසි ආරක්ෂාවක් නොමැති නිසා වෙනත් ආරක්ෂිත ස්ථානයක රථ ගාලක් ඉදිකර දෙන ලෙස ඉල්ලමින් දුම්රිය නියාමකවරුන් පහළොස් දෙනෙකු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වුණා.

මේ හේතුවෙන් අද පෙරවරැවේදි අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ධාවනය විමට නියමිතව තිබු දුම්රියත් අනුරාධපුරේ සිට මැදවච්චියටත් මැදවච්චියේ සිට අනුරාධපුරයටත් ධාවනය විමට තිබු රේල් බස් දෙකත් ධාවනය නොවු බව අනුරාධපුර දුම්රිය අධිකාරි කේ.සි.ආර්.නවරත්න මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා හා දුම්රිය නියාමකවරැන්ගේ වෘත්තිය සමිති නියෝජිතයන් අතර අද කොළඹ පැවැති සාකච්ජාවේදි අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ රථගාලට දුම්රිය දෙපර්තමෙන්තුවේ ආරක්ෂක නිලධාරිවරයෙකු යෙදවිමට පාලන අධිකාරිය විසින් එකග විම නිසා මෙම වර්ජනය අවසන් වුණා.

මෙම වර්ජනය හේතුවෙන් මගීන් විශාල පිරිසක් දැඩි දුෂ්කර තත්වයකට පත්වුණා.

RECENT ARTICLES - SINHALA

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...