මේ වන විට වැඩකරන ජනතාව විසින් ආරම්භ කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ග සාධාරණ බවත් ඒවා මැතිවරණ සමයකදී හෝ අයවැය සමයකදී හෝ වෙනත් ඕනෑම සමයකදී ආරම්භ කළ හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.
සන්ඩේ ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මෙසේ පවසා තිබුණා.
‘ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ වෘත්තිය සමිති නව වෘත්තිය සමිති විවිධ ක්ෂේත්‍රවල පීඩාවට පත් වී සිටින වෘත්තිකයන් මුල් කර ගනිමින් ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කළා. අවුරුදු ගණනාවක් තිස්සේ විවිධාකාර වෘත්තීන්හි වැඩකරන ජනතාව ප්‍රමාණවත් නොවූ වැටුප්වලින් පීඩාවට පත් වුණා. එය වැඩිවන ජීවන වියදමට ගැලපුණේ නෑ. ඔවුන්ගේ නිවෙස්වල වියදම් දරා ගන්නට එය ප්‍රමාණවත් වුණේ නෑ. මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සාධාරණ ක්‍රියාමාර්ග. වඩා යහපත් වෘත්තිය තත්වයන් සහ සාධාරණ වැටුප් ඉල්ලීම සාධාරණයි. එම ක්‍රියාමාර්ග ඕනෑම මොහොතක මතු විය හැකියි. එය මැතිවරණ සමයක වුණත්, අයවැය සමයේදී වුණත්, වෙනත් ඕනෑම කාලයකදී වුණත් මතු විය හැකියි. වර්තමානයේ වෘත්තිය සමිති ගණනාවක්, අප සමග වැඩ කරන අය සහ වෙනත් වෘත්තිය සමිති එවැනි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී සිටිනවා. මෙම පුළුල් මැදිහත්වීම විවිධාකාර ක්ෂේත්‍රවල වැඩකරන ජනතාවගේ ආර්ථික පීඩනයන් සහ අනෙකුත් පීඩනයන් ආමන්ත්‍රණය කිරීමේ වැදගත්කම අවධාරණය කරනු ලබනවා. මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග නියෝජනය කරන්නේ ඔවුන් මුහුණදෙන සාමූහික අවශ්‍යතාවන් විසඳාගැනීමත්, වැඩකරන තැන්වල සාධාරණ සැලකීමක් ලැබීමත් කියන කාරණා.’
කෙසේ වෙතත්, ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය හෙවත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ නායක කේ.ඩී. ලාල්කාන්ත පසුගියදා ප්‍රසිද්ධ දේශනයකදී වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහි අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.
එහිදි ඔහු පවසා තිබුණේ මෙම අවස්ථාව සටනක් ඕනෑ නැති වෙලාවක් බවත් කිසිදු වැඩවර්ජනයකට සම්බන්ධ නොවන බවයි.
‘මෙතැනින් එහාට ජනාධිපතිවරණ සටන අරගෙන ඒක වැඩකරන පංතිය දිනනකන්, මෙතැනින් එහාට මේ දුෂ්ඨ පාලනය එළවලා ජනතාවාදී පාලනයක් බිහි කරගන්න තියෙන අවස්ථාවේ අපි උද්ඝෝෂණ, සටන්, අරගල ඔක්කොම කරන අතර ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ අපි කිසිදු වැඩවර්ජනයකට සම්බන්ධ වන්නේ නෑ. ස්ථීරයි. කිසිදු වැඩවර්ජනයකට අපි සම්බන්ධ වෙන්නේ නෑ මේ කාලය තුළ. මේක විශේෂ තත්වයක්. මොකද මේ වෙලාවේ සටන වැඩවර්ජනය නෙවෙයි.
ඒ නිසා අපි අනෙකුත් වෘත්තිය සමිතිලට යෝජනා කරනවා. වර්ජනය කරන්න ඕනෑ කියන අයට යෝජනා කරනවා අපි ඔක්කොම එකතුවෙලා මේ පාලකයෝ පන්නමු.සටන් ඔක්කොම ප්‍රගතිශීලී නැහැ. ප්‍රතිගාමී සටන් තියෙනවා. ප්‍රතිගාමීත්වය වෙනුවෙන් සටන් තියෙනවා. ප්‍රගතිශීලී කොටස් අතර ප්‍රතිගාමී කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. සටනක් ඕනෑ නැති වෙලාවට සටන වැඩිපුරම ඉල්ලන්නේ කවුද? ප්‍රතිගාමී කණ්ඩායම්.’