32 C
Colombo
Saturday, April 20, 2024

අනුරට හොරු අල්ලන ඇමතිකම, සජිත්ට උප අගමැතිකම – අලුත් තනතුරු දෙන්න පොහොට්ටුවෙන් ඉල්ලීම

- Advertisement -

පක්ෂ විපක්ෂවල සියළු දෙනාම එක් කරගෙන යා හැකි නම් එය ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයාට සිහිපත් කරන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (22) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින්.

විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දිය යුතු අය සම්බන්ධව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මේ අනුව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට හොරු අල්ලන ඇමතිකම ලබාදී ඔහුට පුර්ණ බලතල සහිත වසරක් වැඩ කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ඊට අදාළ නීති ප්‍රතිපාදන අඩු නම් පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස ඔහු සඳහන් කළා.

ඊට අමතරව මනා ලෙස ඉංග්‍රීසි කතා කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට විදේශ කටයුතු ඇමති ධුරය ලබා දෙන මෙන් ජනාධිපතිවරයාගෙන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.

එය මදි නම් උප අගමැති ධුරය හෝ ලබා දීමට තමා ඇතුළු කණ්ඩායම සහය දෙන බවද ඔහු පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ වැනි විපක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරුන් ද 75 වසරක සාපය ගැන ඒ ආණ්ඩුවල සිටි සෘජුව සහ වක්‍රව මේ පුටුවල සිටි අය දායකත්වය ලබා දුන් බවත් නමුත් 75 වසරක සාපය කියා ගෙන පසුපෙල මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබූ බවත්ය.

RECENT ARTICLES - SINHALA

ලොකු ලූනු සතොස හරහා ගෙන්වන්න තීරණයක්

ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය ලංකා සතොස හරහා සිදුකිරීමට තීරණය කර තිබෙනවා.. ලොකු ලූනු අපනයනය තහනම ශ්‍රී ලංකාව සඳහා ඉවත් කිරීමට තීරණය කළ ඉන්දීය රජය ශ්‍රී...

අයිස් සමඟ කොටු වූ නාවික හමුදා ලොක්කන් රඳවාගෙන ප්‍රශ්න කරයි

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනා ඇතුළු සිව්දෙනා ලබන 26 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (20) අවසර...

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩවලට මිල සූත්‍රයක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ඉදිකිරීම් භාණ්ඩ නොයෙක් මිල ගණන් යටතේ විකිණීම වැළැක්වීම...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...