26.7 C
Colombo
Monday, July 21, 2025

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

- Advertisement -

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

අද (24) පැවැති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශයේ තින්දු තිරණ ඉදිරියේදී ගනු ලබන්නේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදී බවයි.

එමෙන්ම පසුගිය රජයන්හිදී ජනාධිපතිවරුන්ගේ ක්‍රියාකලාපයන් විපක්ෂයේ සිට විවේචනය කළ අනුර කුමාර දිසානායක මහතා බලයට පත්වන විට ඒවා වෙනස් කරන බවට පැවසුවත් වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ළඟම හිතවතෙකු වන හර්ෂණ සූරියප්පෙරුම මහතා බව ඔහු එහිදී අවධාරණය කළා.

තවද, ජනාධිපතිවරයා බලය ලබා ගැනීමට පෙර දුන් පොරොන්දු වලට එරෙහිව යමින් රටේ ආර්ථිකය පිළිබඳ තීරණ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදී ගනීමට කටයුතු කරන බවද තුෂාර ඉඳුනිල් මහතා විවේචනයට ලක් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මහතා :

“සෑම දෙයක්ම ස්වාධීන කරනවා යැයි අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු ජාතික
ජනබලවේග ආණ්ඩුව දැන් සෑම දෙයක්ම දේශපාලනීකරණය කරමින් යන බවක්
පෙනෙන්න තිබෙනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශය ස්වාධීන කරන බව, මහා
භාණ්ඩාගාරය ස්වාධීන කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. එම ආයතන දේශපාලනිකරණය කිරීමට ඉඩ ලබාදෙන්නේ නෑ කියලා අනුර දිසානායක ඇතුළු පිරිස ප්‍රකාශ කළා. ඒ වගේම පොදු ජාතික වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක වන දේශපාලකයින්ගේ ඔනෑ එපාකම් මත උච්චා වචනය වන මුදල් අමාත්‍යාංශයත් , මහා භාණ්ඩාගාරයක් නිර්මාණය කරන්නේ නැති බවත් අනුර දිසානායක මහතා ඇතුළු ආණ්ඩුව ප්‍රකාශ කළා.

 ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස සේවය කළ හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවෙන්ඉ ල්ලා අස්වී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ භාරගෙන තියෙනවා. ඒ වගේම හර්ෂණ සූරියප්පෙරුම යනු අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ළඟම හිතවතෙක් රටේ ආර්ථිකය පිළිබඳව විශේෂඥ දැනුමක් තිබෙන පුද්ගලයන් සිටියදී තමයි අනුර දිසානායක ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හර්ෂණ සූරියප්පෙරුම මහතාව පත් කරගැනිමට කටයුතු කරලා තියෙන්නේ.

පී බී ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් ලෙස පත්කරන විට, අජිත් නිවාඩ්
කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත්කරන විට හෙළා දැකීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළා. ඒආණ්ඩුවේ ගජමිතුරන්ට මහබැංකුව සහ භාණ්ඩාගාරය භාරදුන් බව තමයි අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ගජමිතුරන්ට රටේ ආර්ථිකය භාරදෙන්න කටයුතු කළා.

ඒ හරහා රටේ ආර්ථිකය පවා, බංකොලොත්භාවට පත් වුනා. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ හිතමිතුරන්ට රටේ ආර්ථිකය හසුරුවන්න භාරදීම හරහා රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ හිතමිතුරන්ට රටේ ආර්ථිකය හසුරුවන්න භාරදීම හරහා සිදුවුණ නීරස සිදුවීම් පවතිද්දී අනුර දිසානායක ජනාධිපතිවරයාත් ඔහුගේ හිතමිතුරෙකුට රටේ ආර්ථිකය හසුරුවන්න ඉඩලබාදිලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා නෙලුම් මාවගේ දී තමයි රටේ ආර්ථිකය පිළිබඳව
තින්දු තිරණ ගත්තේ. ඒ දේවල් වෙනස් කරන බව ජනතාවට ප්‍රකාශ කර බලය ලබාගත්ත අනුර දිසානායක මහතා දැන් පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදී රටේ ආර්ථික පිළිබඳව තින්දු තිරණ ගන්න කටයුතු කරනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ තින්දු තිරණ ඉදිරියේදීගනු ලබන්නේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ කාර්යාලයේදීයි”

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES