තිසර අනුරුද්ධ බණ්ඩාර නම් සමාජ ක්‍රියාකාරී තරුණයා ඊයේ (01) රාත්‍රියේ මෝදර පොලීසියේ යැයි කියාගත් සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක් පැමිණ රැගෙන ගොස් තිබුණා.
කෙසේ වෙතත් මෝදර පොලීසියෙන් විමසීමේදී එම තරුණයා පොලීසිය විසින් රැගෙන නොආ බවයි පවසා තිබුණේ.
කෙසේ නමුත්, පසුව, අතුරුදන්ව සිටි තිසර අනුරුද්ධ බණ්ඩාර මෝදර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවට පොලීසියෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කර තිබෙනවා.
ඉන් පසුව, ඔහුව අධිකරණය හමුවට ගෙන ඒමෙන් අනතුරුවයි ඔහුව ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.
නමුත්, ඔහුගේ දෙමාපියන් සහ නීතීඥවරුන් අධිකරණයේ රැඳී සිටියදී ඔහුව අධිකරණය වෙත ගෙන ඒමට පෙර ගම්පොළට රැගෙන ගිය බවට මාධ්‍යවේදීන් වාර්තා කර තිබුණා.
තිසර අනුරුද්ධ බණ්ඩාර අප්‍රේල් 03 විරෝධතාවය සංවිධානය කරන පුද්ගලයන්ගෙන් එක් අයෙක් වන අතර GoHomeGota2022 ෆේස්බුක් කණ්ඩායමේ ඇඩ්මින්වරයෙක් ලෙසද ක්‍රියාකර තිබෙනවා.

