27 C
Colombo
Saturday, June 10, 2023

විශ්‍රාම ගන්නවා කී අනූෂ පැල්පිට යළිත් අමාත්‍යංශ ලේකම් ධුරයකට

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත්කර තිබෙනවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව පැල්පිට මහතා, විමල් වීරවංශ මහතාට අයත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කෙරුණා.

කෙසේ වෙතත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ ඇතිවූ මත ගැටුම් කිහිපයකින් අනතුරුව පැල්පිට මහතා, තමාට එම ධූරයෙන් විශ්‍රාමයෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර තිබුණා.

අනතුරුව ඔහු එම තනතුරින් ඉල්ලා අස්වූ අතර ඊට දින කිහිපයකට පසුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කරනු ලැබූවා.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ඔහු කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කෙරුණි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, තමාට එම ධූරයෙන් විශ්‍රාමයෑමට අවසර ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට මීට පෙර ලිපියක් යොමුකර තිබුණි.

අනතුරුව ඔහුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද පසුගිය දා පත්කළේය.

මීට පෙර ඒ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කර තිබෙනවා.

අනූෂ පැල්පිට මහතා සුප්‍රකට සිල්රෙදි නඩුවට අදාළව වැරදිකරු වී වසර තුනක සිරදඩුවම් නියමව සිටියද පසුව ඒ සම්බන්ධයෙන් කළ අභියාචනයෙන් නිදොස් කොට නිදහස් කෙරුණා.


RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.