29.5 C
Colombo
Wednesday, July 9, 2025

බදු ගෙවන්න App එකක්

- Advertisement -

පළාත් පාලන ආයතනවල වරිපනම් ගෙවීම, කඩකුලි ගෙවීම් සහ ස්ථාන වෙන්කර ගැනීම් ආදී කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අදාළව මෘදුකාංගයක් සකස් කිරීම ඉදිරි සති දෙකක් වැනි කාලයක් ඇතුළත නිම කිරිමට අපේක්ෂා කරන බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ, එහි පළමු අදියර යටතේ මධ්‍යම පළාතේ සහ බස්නාහිර පළාතේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීම 30 දින වන විට ආරම්භ කිරිමට නියමිත බවයි.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ අතර, පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතන වල මෙතෙක් ස්ථිර නැති සේවකයින් 8400 දෙනකු කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවද මෙහිදී ජානක වක්කුඹුර මහතා සඳහන් කර තිබෙනවා.     

RECENT ARTICLES - SINHALA

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථමවරට රැස්වෙලා

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාව ප්‍රථමවරට රැස්වුණා. ඒ...

වතුර පරිස්සමින් පාවිච්චි කරන්න

පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉතා කාරුණිකව...

POPULAR ARTICLES

රාජාංගණයේ හිමි ගැන මානසික වෛද්‍ය වාර්තාවක් ගන්න නියෝගයක්

අශෝභන සහ අශිෂ්ඨ වචන භාවිතා නොකරන ලෙසට ඇප කොන්දේසියක් පනවා ඇති රාජාංගණයේ සද්ධාරථන හිමියන් "රාජාංගණයේ හාමුදුරුවෝ" යන යූ ටියුබ් නාලිකාවේ පළකර ඇති වීඩියෝ තුළින්...

ඉන්දියාවේ පාලමක් කඩාවැටී පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 40ක් පැරණි මෙම පාලමෙහි කොටසක් කඩා වැටීමත් සමග ට්‍රක් රථ දෙකක්, මෝටර් රථයක්...