32 C
Colombo
Sunday, June 4, 2023

⁣හොංකොංහි මාධ්‍ය මර්දනය අඛණ්ඩව – තවත් මාධ්‍යවේදියෙක් අත්අඩංගුවට

- Advertisement -

ප්‍රජාතන්ත්‍රවාදී කදවුරට පක්ෂපාතී මාධ්‍යයට එරෙහිව හොංකොං සහ චීන බලධාරීන් සිදුකරන මාධ්‍ය මර්දනය අඛණ්ඩව සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ⁣ඇපල් ඩේලි පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘ මණ්ඩල ලේඛකයෙකු වන ෆුන්ග් වායි කොන්ග් හොංකොං ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විවේචනයට ලක්ව ඇති ජාතික ආරක්ෂක පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ විදෙස් රටවල් සහ පාර්ශව සමග එක්ව කුමන්ත්‍රණකාරී කටයුතුවල නිරත වූ බවට චෝදනා කරමිනි.

හොංකොංහි විශාලම ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත ලෙස සැලකුණු ඇපල් ඩේලි පුවත්පතේ හිමිකරු මේ වනවිට බන්ධනාගාරගත කර ඇති අතර කර්තෘවරයා සහ තවත් විධායක නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ හේතුවෙන් පසුගිය සතියේ සිට පුවත්පත පළකිරීම නතර කිරීමට ද සිදුවී ති⁣බිණ.

මේ අතර හොංකොංහි තවත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනයක් වන නෙක්ස්ට් ඩිජිටල්හි මාධ්‍යවේදීන් දෙදනෙකෙුද ජාතික ආරක්ෂක නීති යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

හොංකොංහි සිදුවන මෙම මාධ්‍ය මර්දනය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සදහා වන අන්තර්ජාතික කමිටුව , දේශසීමා රහිත මාධ්‍යවේදීන්ගේ සංවිධානය වැනි අන්තර්ජාතික මාධ්‍ය සංවිධාන මෙන්ම රටවල් රැසක් විසින්ද හෙළා දැක තිබේ.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ- සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Excellent win for Sri Lanka

Sri Lanka defeated Afghanistan by 132 runs in 42.1 overs in the second one-day international against Afghanistan. Afghanistan were...

Risk notices for three districts

0
Landslide warnings have been issued in three districts due to inclement weather. According to the National Building Research Organization,...

Jaffna University bans 31 students

A total of 31 students studying at the University of Jaffna have been temporarily barred from entering the university.