28 C
Colombo
Thursday, January 16, 2025

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවට අයදුම්පත් කැඳවයි

- Advertisement -

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පැවසුවේ ක්ෂේත්‍ර ගණනාවකට අදාළව පිළිගත් දැනුම, පළපුරුද්ද සහ විශිෂ්ටත්වය ඇති තැනැත්තන් අතුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අයදුම්පත් කැඳවා ඇති බවය.

ඒ අනුව, www.parliament.lk පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ක්ෂණික සබැඳි යටතේ ‘කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම’ නමින් පළ කර ඇති ‘අ’ තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව එක් එක් අයදුම්කරුවන් විසින් සිය අයදුම්පත සකස් කළ යුතුයි.

තවද ‘ආ’ තොරතුරු ආකෘති පත්‍රයට අනුකූලව නාමයෝජනා සකස් කළ යුතු බවත් එහි සඳහන් වනවා. 

යථා පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත් / නාමයෝජනා 2025 ජනවාරි 20 වැනි දින හෝ ඊට පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතු වනවා.

නාමයෝජනා එවනු ලබන්නේ නම්, නාමිකයා විසින්ම තොරතුරු පත්‍රය සම්පූර්ණ කරනු ලැබිය යුතු අතර එම තොරතුරු පත්‍රය නාමයෝජනා කරනු ලබන පාර්ශ්වය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කළ යුතු බවත් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...