මේවන විට පුරප්පාඩුව පවතින කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම හෙට (17) දිනයට යෙදී තිබෙනවා.
කථානායකවරයා ලෙස කටයුතු අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ 10වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය පුරප්පාඩුව පවතිනවා.
ඒ අනුව,හෙට (17) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නව කථානායකවරයෙකු තෝරා පත්කර ගැනීම සිදු වෙනු ඇති.
හෙට උදෑසන 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කරන ප්‍රශ්න සඳහා මීට පෙර වෙන්කර තිබුණා.
කථානායක ධුරය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මේ වන විටත් නම් 3ක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
වත්මන් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වන ලක්ෂ්මන් නිපුණාරච්චි, නිහාල් ගලප්පත්ති යන අය ඒ අතරට ඇතුළත්.
මේ අතර, නව කථානායකවරයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද දිනයේ දී පැවැත්වෙන බවද වාර්තා වෙනවා.
එමෙන්ම,හෙට දිනයේ පාර්ලිමේන්තුව ආරම්භයේදී නවක මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ දිවුරුම් දීම සිදු කිරීමටද නියමිතව තිබෙනවා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ෆයිසර් මුස්තාපා මහතාද, සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සුජීව සේනසිංහ, නිසාම් කාර්යප්පර්, මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදු සහ මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ නම් මැතිවරණ කොමිසම විසින් මින් පෙර ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළා.