27 C
Colombo
Wednesday, April 23, 2025

අධීක්ෂණ නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කරලා

- Advertisement -

පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කළ බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.

නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන ලෙස තමන් පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව කළ දැනුම්දීමකට අනුව මෙම පත්වීම් අවලංගු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා.

පළාත් පාලන මැතිවරණය කල් දමා ඇතත් පළාත් පාලන මැතිවරණ නීතිය මේ වනවිට බලාත්මක බැවින් එම පත්වීම් නීති විරෝධී බව තමන් පෙන්වා දුන් බව සභාපතිවරයා පවසා සිටියා.

ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම ප්‍රදානය කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් පසුගියදා පැමිණිලි ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් තවත් පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් ලබා දුන් එවැනි පත්වීම් අවලංගු කළ බව මෙතෙක් දැනුම් දී නොමැති බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES