30.6 C
Colombo
Thursday, April 25, 2024

2022 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

- Advertisement -

? සෞඛ්‍ය, මහාමාර්ග සහ ජනපති වැය ශීර්ෂ කපයි…
? ආරක්ෂාවට වැඩිම මුදලක් වෙන් කරයි…
? අධ්‍යාපනය සඳහා වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 1.1 ක් පමණයි…
? ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව අයවැයෙනුත් නොවිසදෙන ලකුණු….

2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3 ක් වන අතර එය මෙම වර්ෂයට සාපෙක්ෂව රජයේ වියදම රුපියල් බිලියන 33කින් අඩු කිරීමක්.

මෙවර විසර්ජන පනතෙන් ආරක්ෂක, මුදල් සහ අධ්‍යාපන වැය ශීර්ෂය වැඩි කර ඇති අතර ජනාධිපති කාර්යාලයේ, මහා මාර්ග සහ සෞඛ්‍ය වැයශීර්ෂ අඩු කර තිබෙනවා.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා වන රජයේ මුළු වියදම ලෙස ඇස්තමේන්තුගත කර ඇත්තේ රුපියල් බිලියන 2505.3 ක වියදමක්.

එය මෙම වසරේ රජයේ වියදම වු රුපියල් බිලියන 2538 ට සාපේක්ෂව රුපියල් බිලියන 33කින් රජයේ වියදම අඩු කිරීමක්.

ඇස්තමේන්තු ගත රජයේ මුළු වියදමින් රුපියල් බිලියන 1,776 කට වැඩි ප්‍රමාණයක් දැක්වෙන්නේ පුනරාවර්තන වියදම් ලෙසයි.

පොදු සේවාවන් සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 12.6ක්.

ඊට ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, අධිකරණ, පාර්ලිමේන්තුව සහ කොමිෂන් සභා යන ආයතනවල වියදම් ද ඇතුළත්ව තිබෙනවා.

එළඹෙන වසර සඳහා ජනාධිපති කාර්යාලයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 2.78ක් ලෙස දක්වා ඇති අතර එය මෙම වසරට සාපේක්ෂව ජනාධිපති කාර්යාලයේ වියදම රුපියල් බිලියන 6.6කින් අඩු කිරීමක්.

එළඹෙන වසර සඳහා වන විසර්ජන පණත් කෙටුම්පත තුළින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සඳහායි.

මෙම වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 355ක් ලෙස දැක්වුණු අතර එළඹෙන වසර සඳහා එය රුපියල් බිලියන 373ක් දක්වා ඉහළ දමා ඇත්තේ මෙම වසරට සාපේක්ෂව ආරක්ෂක කටයුතු සඳහා රුපියල් බිලියන 18ක් වෙන් කරමින්.

ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩිම වැය ශිර්ෂයක් වෙන්ව ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටයි.

එම අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 286.7ක් වන අතර ඉන් බිලියන 286ක් පුනරාවර්තන වියදම්.

එම අමාත්‍යාංශයේ වැය ශිර්ෂය මෙම වසරට සාපේක්ෂව ලබන වසරේදි රුපියල් බිලියන 15කින් වැඩිකර තිබෙනවා.

එමෙන්ම එළඹෙන වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වැය ශිර්ෂය ලෙස රුපියල් බිලියන 185.9ක් වෙන්කර තිබෙනවා.

එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක වැඩිවීමක්.

මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 250.1ක් වන අතර ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම්වනවා.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 80කින් අඩුකර තිබෙනවා.

ලබන වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 127.6ක්.

ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 1.1 කින් ඉහළ දමා තිබෙනවා.

එමෙන්ම එළඹෙන වසර සඳහා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 153.5ක්.

එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 06ක පමණ අඩුවීමක්.

ලබන වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 243.9ක්

එය මෙම වසරට සාපේක්ෂව එම අමාත්‍යාංශ වැය ශිර්ෂයේ රුපියල් බිලියන 03ක වැඩිවීමක්.

මේ අතර අද පැවති පක්ෂ නායක රුස්වීමේදි 2022 වර්ෂය සඳහා වන අයවැය නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා සිදු කිරීමටත් තීරණය වි තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරේ වැඩ බලන්න අලුත් කෙනෙක්

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ කටයුතු ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස් මුදලිගේ මහතා පත්කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ...

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා – රනිල්

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන- ශ්‍රී...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...