24 C
Colombo
Sunday, January 19, 2025

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

- Advertisement -

2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරී මස 18 සිට පෙබරවාරි මස 25 වන දින දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද 25 වන දින පස්වරුවේ සිදුවනු ඇති.

පෙබරවාරී මස 27 සිට මාර්තු මස 21 වන දින දක්වා කාලය තුළ කාරක සභා අවස්ථාව විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරුවේ පැවැත්වෙනු ඇති.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අදාළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වනවා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES