24 C
Colombo
Sunday, February 16, 2025

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක උපදේශන සේවා කොන්ත්‍රාත්තුවට අනුමැතිය

- Advertisement -

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහලුම් පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

කොළඹ වරාය පුළුල් කිරීමේ අදියර II හි බටහිර බහලුම් පර්යන්තය II සඳහා බටහිර දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2023-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඊට අදාළ උපදේශක සේවාව සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් කැමැත්ත පළ කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ නිර්ණායකයන්ට අනුකූලව අභිලාෂය ප්‍රකාශ කිරීම කැඳවා තිබෙනවා.

අයැදුම්කරුවන් 20 දෙනෙකු ඒ සඳහා සිය අභිලාශ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇති අතර 7 දෙනෙකු පූර්ව සුදුසුකම් සපුරා තිබෙනවා.

ඒ අතුරින් ආයතන 5 ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES