25 C
Colombo
Friday, March 29, 2024

පෞද්ගලික අංශය හරහා කෘෂි රසායන ආනයනය කිරීමට ජනපතිගේ අනුමැතිය

- Advertisement -

එළවළු, බඩ ඉරිඟු සහ ධාන්‍ය වැනි වගාවන්වල අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ආනයනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පැවති විශේෂ රැස්වීමකදී අනුමැතිය දී තිබෙනවා.

කෙසේ වෙතත් හරිත කෘෂිකර්මාන්තය තව දුරටත් රජයේ ප්‍රතිපත්තිය බව කී ජනාධිපතිවරයා රජය කිසිවිටක එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවන බව ද අවධාරණය කර තිබෙනවා.

එහිදි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ අවශ්‍යතාව මත රජයේ මැදිහත්වීමෙන් තොරව කෘෂි රසායනික ද්‍රව්‍ය පෞද්ගලික අංශය මගින් ආනයන කළ හැකි වුවද, රජයේ සහනාධාර වැඩපිළිවෙළ යටතේ කිසිවිටෙකත් රසායනික පොහොර හෝ කෘෂි රසායන ලබා නොදෙන බවත්යි.

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (22) පෙරවරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පළ කර තිබෙනවා.

කාබනික පොහොර භාවිතය සහ රසායනික පොහොර තහනම් කිරීම මත රට තුළ ඇතිවී තිබෙන ව්‍යාකූල තත්වයට විසදුමක් ලබාගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...