එළඹෙන අප්‍රේල් 21 වන දා දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් උතුමාණන් අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දැනුම් දෙනු ලැබූවා.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට වසර දෙකක් පිරෙන එළැඹෙන අප්‍රේල් 21 වනදා පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙසද මැල්කම් කාදිනල් රංජිත් උතුමාණාන් මාධ්‍ය අමතමින් ජනතාවගෙන් ඉල්ලීමක් කරසිටියා.