28 C
Colombo
Thursday, January 16, 2025

අර්චුනා දිස්ත්‍රික් කමිටු රැස්වීමේදිත් යකා නටලා

- Advertisement -

යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ (14) පැවති සංවර්ධන කමිටු රැස්වීමකදී එහි සිටි සියලු දෙනාම යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාව ඉන් ඉවත් කරන ලෙසට ඉල්ලා තිබෙනවා.

ඒ යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මන්ත්‍රීවරයා එහි සිටි නිලධාරීන්ට බැණ වැදීම හා තර්ජනය කිරීම හේතුවෙන්

යාපනයේ සංවර්ධන කටයුතු පිළිබදව කරුණු සාකච්ඡා වූ අවස්ථාවේදි නිලධාරීන් විසින් දක්වන අදහස්වලට විරුද්ධ අදහස් දක්වමින් කෑකෝ ගසන්නට පටන් ගැනීම නිසා යාපනයේ මන්ත්‍රීවරු හා රාජ්‍ය නිලධාරීන් ඔහුව රැස්වීම් ශාලාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඔහු ඉවත් කිරීමට පියවර නොගන්නේ නම් තමන් රැස්වීමෙන් පිටව යන බව නිලධාරීන් තරයේම ප්‍රකාශ කිරීම නිසා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ කටයුතු විනාඩි කිහිපයකට නතර කිරීමට සිදුවූ බවයි පැවසෙන්නේ.

මේ අවස්ථාවේදී ධීවර අමාත්‍ය හා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් අමාත්‍යවරයා උදා වූ තත්ත්වය සමථයකට පත් කරගෙන රැස්වීම නැවත පවත්වා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...