24 C
Colombo
Wednesday, January 22, 2025

අර්චුනාට ආයේ ඉස්පිරිතාලේ එන්න පුළුවන් ලෙඩෙක් විදියට විතරයි

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා යම් රෝගයකට ප්‍රතිකාර ලබා ගැනීමට මිස වෙනත් හේතුවකට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලුවීමට උත්සහ කරන්නේ නම් වහාම ඔහු අල්ලා පොලිසියට බාර දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා විසින් රෝහල් ආරක්ෂක නිලධාරීන්ට ඊයේ (16) දැනුම් දී තිබෙනවා.

ඔහු ආරක්ෂක නිලධාරීන්ට පහර දීමට සූදානම් වුවත් පෙරලා ඔහුට පහර නොදෙන ලෙසත්, ආරක්ෂිත ගේට්ටු වසා දමා ඔහුව අල්ලා පොලිසියට දැනුම් දෙන ලෙසයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති වෛද්‍යවරයා දැනුම් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට රෝහල් අධ්‍යක්ෂවරයා ”සර්” යනුවෙන් ආමන්ත්‍රණය නොකිරීම නිස දැඩි ලෙස උරණව සිටින නිසා ඔහු යළිත් හදිසියේම යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී කුමන හෝ විනාශයක් සිදු කළ හැකි බවද රෝහල් අධ්‍යක්ෂවරයා සියලුම දෙනාට අවධාරණය කර තිබෙනවා.

මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට පෙර යාපනය ශික්ෂණ රෝහලට කඩා වැදී නොසන්සුන් ලෙස හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු අවස්ථාවේදී රෝහල් අධ්‍යක්ෂවරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීම ගැන ඔහු දැඩි ලෙස කිපී ඒ පිළිබඳ චෝදනාත්මක ස්වරූපයකින් යාපනයේ සංවර්ධන කමිටු රැස්වීමේදී ඉතා දීර්ඝ වශයෙන් කතා කිරීම නිසයි.

පොලිසිය විසින් යාපනය අධිකරණයේදී නඩු පැවරීමෙන් පසුව අධිකරණය හමුවේ පෙනී සිටි අර්චුනා මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට යාපනය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. මීට අමතරව...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES