කාබනික සහල් පමණක් ආනයනය කිරීම ඵලරහිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.
ඒ, පසුගියදා ආනයනය කළ සහල් කාබනික පොහොර යොදා නිෂ්පාදනය කළේද යන්න පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
රට ස්වයංපෝෂිත වන තෙක් මෙරටට බෝග විශාල ප්‍රමාණයක් ආනයනය කරන බවත් කිරිපිටි, උම්බලකඩ, හාල්මැස්සන් ආදියත් ආනයනය කෙරෙන බැවින් එම ආහාර ද්‍රව්‍යද කාබනික දැයි තේරීමට සිදුවන බවත් අමාත්‍යවරයා පවසනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා.
“ඒ නිසා අපි මේ හාල් ගේන්න කැමති වුණේ නෑ. ජනාධිපතිතුමා කැමති වුණේ නෑ මේ හාල් ආනයනය කරන්න. මං බැණුනුත් ඇහුවා. එනිසා ඒක අහගන්න ඇයි ගෙනාවෙ කියන එක. ගෙනෙන්න සිද්ධ වුණේ මම ගොවියාට ඉල්ලීමක් කළා මේ හාල් ගේන්න සුමාන දෙක්කට කලින් ප්‍රෙස් එකක් තියලා. ගොවියා වී විකුණුවේ නෑ. ගොවියා වී ටික තියාගත්තා. තමුන්නාන්සෙලා පාරට බැහැලා බක්කිවල හාල් නෑ කිව්වා. එතකොට මිනිස්සුන්ට කන්න දෙන්න දෙයක් නැත්නම් අපට ආනයනය කරන් නැතිව කරන්න දෙයක් නෑ”