26 C
Colombo
Wednesday, January 22, 2025

ජනාධිපතිවරණ නීති කඩපු අය අත්අඩංගුවට ගත්තේ නැත්තේ කාට හරි බයේද?

- Advertisement -

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කාගේ හෝ හොඳ හිතා දිනා ගැනිමට ද එසේත් නැතිනම් කාට හෝ බියෙන් දැයි කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා කුරුණෑගල පොලිසියෙන් විමසා සිටියා.

ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස පොලිස් නිලධාරීන්ගෙන් විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවැති සමයේදී ජනාධිපතිවරණ පනත උල්ලංඝණය වන අයුරින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමණාකරු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී.

මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් අමතමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ,

ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් මෙම සැකකරුවන් කඩිමුඩියේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ යමෙකුගේ හොඳ හිත දිනා ගන්නද? යමෙකුගෙන් හොඳ නමක් දිනා ගන්නද? සැකකරුවන් ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කර ඇත්නම් මෙතෙක් කල් ඔවුන් අත්අඩංගුවට නොගෙන හිටියේ බය නිසා ද? එසේත් නැති නම් හෙට අනිද්දා ඒ. එස්. පී. කෙනෙක් හෝ එස්. එස්.පී. කෙනෙක් පොලිසියේ යම් පරීක්ෂණයකට එනවද? ඒ නිසාද? යන්නයි.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසියේ නිලධාරීන් පැවසුවේ, මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු පැවති සමයේ සිලින්ඩරය ලකුණින් ජනාධිපතිවරණයට තරග කළ රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ප්‍රවර්ධනය කිරීමේ පෝස්ටර් අලවා ඇති බව යි.

ඒ තුළින් සැකකරුවන් ජනාධිපතිවරණ පනත මුළුමනින් ම උල්ලංඝණය කර ඇති බව පවසා සිටි පොලිසිය සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ පොලිසියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේ ජනාධිපතිවරණය අවසන් වී මාස හතරක් ගත වූ පසුව ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය උදෙසා මැතිවරණ පෝස්ටර් ඇලවූ බවට චෝදනා කරමින් තම සේවාදායකයන් අත්අඩංගුවට ගත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් එක් කොටසක් ලෙසද ? යන්නයි.

ජනාධිපතිවරණය නිම වී ඊට පසුව මහ මැතිවරණයක්ද පවත්වා ඇති බව අවධාරණය කළ නීතිඥවරයා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පමණක් නොව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ, සජිත් ප්‍රේමදාසගේ සහ දිලිත් ජයවීරගේ මැතිවරණ පෝස්ටර්ද දිවයින පුරා තමා දුටු බව ද සඳහන් කළා.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තරග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය කිරීමේ කිසිදු පෝස්ටරයක් ජනාධිපතිවරණ සමයේ තම සේවාදායකයන් අලවා නැති බව කියා සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ ඔවුන් ඇලවූයේ රනිල් වික්‍රසිංහ කුලියාපිටියේදී ජන හමුවක් අමතන බව සඳහන් පෝස්ටරයක් පමණක් බවද ප්‍රකාශ කළා.

ජනාධිපතිවරණ පනත උල්ලංඝණය කරමින් මැතිවරණ පොස්ටර් ඇලවූ බවට තම සේවාදායකයන්ට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද අධිකරණයට සැල කළ නීතිඥවරයා ඔවුන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසද ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න සැකකරුවන් රිමාන්ඩ් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් වෙන් වෙන් වශයෙන් රුපියල් පනස් දහසක් වටිනා ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට නියෝග කළා.

මෙසේ ඇප මත මුදාහැරියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කළමනාකරු මෙන්ම වයඹ පළාත් හිටපු ආණ්ඩුකාරවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ නසීර් අහමඩ්ගේ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ එච්.ඒ. නදීක හෙට්ටිආරච්චි සහ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක එන්. ලලිත් රවින්ද්‍ර කුමාර යන දෙදෙනායි.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...