24 C
Colombo
Sunday, January 19, 2025

2025 වසරේ රජයේ නිවාඩු ගැන ඔබ දැනුවත්ද?

- Advertisement -

2025ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එහි වැඩිම නිවාඩු ගණනක් යෙදී ඇත්තේ අප්‍රේල් මාසයට වන අතර එම නිවාඩු ගණන 4ක්.

එම මාසයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය 14 වන දිනට යෙදී තිබෙනවා.

තවද වෙසක් පුන් පොහෝ දිනය මැයි මස 12 වැනි දිනටත් නත්තල් දිනය දෙසැම්බර් 25 වැනි දින අඟහරුවාදා දිනටත් යෙදී තිබෙනවා.

එම නිවාඩු දින පහතින්,

ජනවාරි 13 සඳුදා –  දුරුතු පුර පසළොස්වක පෝය දිනය
ජනවාරි 14 අඟහරුවාදා – දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 04 අඟහරුවාදා  – නිදහස් සමරු දිනය
පෙබරවාරි 12 බදාදා – නවම් පුර පසළොස්වක පෝය දිනය
පෙබරවාරි 26 බදාදා – මහ සිවරාත්‍රි දිනය
මාර්තු13 බ්‍රහස්පතින්දා –  මැදින් පුර පසළොස්වක පෝය දිනය
මාර්තු 31 සඳුදා –  ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල් 12 සෙනසුරාදා – බක් පුර පසළොස්වක පොහොය දිනය
අප්‍රේල් 13 ඉරිදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 14 සඳුදා – සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
අප්‍රේල් 15 අඟහරුවාදා – විශේෂ බැංකු නිවාඩු දිනය
අප්‍රේල් 18 සිකුරාදා – මහ සිකුරාදා දිනය
මැයි 01 බ්‍රහස්පතින්දා – ලෝක කම්කරු දිනය
මැයි 12 සඳුදා –  වෙසක් පුර පසළොස්වක පෝය දිනය
මැයි 13 අඟහරුවාදා – වෙසක් පුර පසළොස්වක පෝය දිනට පසු දිනය
ජුනි 07 සෙනසුරාදා –  ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
ජුනි 10 අඟහරුවාදා –  පොසොන් පුර පසළොස්වක පෝය දිනය
ජූලි 10 බ්‍රහස්පතින්දා –  ඇසළ පුර පසළොස්වක පෝය දිනය
අගෝස්තු 08 සිකුරාදා –  නිකිණි පුර පසළොස්වක පෝය දිනය
සැප්තැම්බර් 05 සිකුරාදා – (මිලා-දුන්-නබි) නබි නායකතුමාගේ උපන් දිනය
සැප්තැම්බර් 07 ඉරිදා  – බිනර පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 06 සඳුදා – වප් පුර පසළොස්වක පෝය දිනය
ඔක්තෝබර් 20 සඳුදා – දීපවාලි උත්සව දිනය
නොවැම්බර් 05 බදාදා – ඉල් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා – උඳුවප් පුර පසළොස්වක පෝය දිනය
දෙසැම්බර් 25 බ්‍රහස්පතින්දා අඟහරුවාදා –  නත්තල් උත්සව දිනය

ඉහත සඳහන් රජයේ නිවාඩු තැපැල්, රේගු හා කාලගුණවිද්‍යා යන දෙපාර්තමේන්තුවලට ද ලැබෙනවා.

රජයේ නිවාඩු දිනයන් පිළිබඳ වෙනස්වීම් ගැසට් නිවේදනයක මාර්ගයෙන් ප්‍රසිද්ධ කරනු ඇතැයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසුවා.

පුර පසළොස්වක පෝය නිවාඩු දින පෝය කමිටුව මගින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

‍මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිදුවිම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කළේ සැකකරුවන් අතර...

POPULAR ARTICLES