33 C
Colombo
Tuesday, April 16, 2024

යකා නැටූ ලුතිනන්ගේ වීඩියෝව ඉවත්කරන්නැයි හමුදාපති ඉල්ලයි (වීඩියෝ)

- Advertisement -

ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ ආපන ශාලාවකට බීමතින් ගොඩවැදුණු හමුදා නිලධාරියකු එම වෙළෙඳසැල් හිමියාට පහර දී තර්ජනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වෙළෙඳසැල් හිමියා පොලිසියට පැමිණිල්ලක් ද කර ඇත.

යුහ 49421 දරණ කැබ් රථයෙන් පැමිණි ලුතිතන් සිදත් ඉන්දුක නැමති යුද්ධ හමුදා නිලධාරියා මෙම පහරදීම කර ඇති අතර ඔහු වෙළෙඳසැල තුළ කෝලාහල කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ෆේස් බුක් මාධ්‍යට සිදුවීමෙන් පසු මුදාහැර තිබුණි.

කෙසේ වෙතත් පොලිසියට කළ පැමිණිල්ලෙන් පසුව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙළෙඳසැල් හිමියාගේ පුත්‍රයකුට දුරකථනයෙන් කතා කොට අදාළ වීඩියෝව ඉවත්කරන මෙන් ඉල්ලා සිට තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් යුද හමුවෙන් වෙනම නිවේදනයක් ද නිකුත් කිරීමට නියමිත බව ‘නිව්ස් 19’ ට වාර්තා විය.
කෙසේ වෙතත් අදාළ හමුදා නිලධාරියා මේ වනතුරුත් පොලිසියෙන් අත්අඩංගුවට ගෙන නැත.

සිදුවීමට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ගැන අනාවරණයක්

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන්...

ගල්කිස්සේ ඝාතනයක්

ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ....

ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න සැලසුමක්

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන  MD 2 හෙවත් Super Sweet pine apple  (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ  දෙන ලෙස...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...