33 C
Colombo
Friday, April 19, 2024

තරුණයෙක්ට පහරදුන් යුද හමුදා කර්නල්වරයෙක් අත්අඩංගුවට (වීඩියෝ)

- Advertisement -

කැස්බෑව – හල්පිට ප්‍රදේශයේ දී තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා කර්නල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (28) හල්පිට ප්‍රදේශයේ දී මෙම කර්නල්වරයා ගමන් ගත් මෝටර් රථයෙහි පැති කණ්ණාඩියෙහි තරුණයා ගමන් ගත් යතුරුපැදිය ගැටීම හේතුවෙන් කර්නල්වරයා යතුරුපැදිය පසුපස ගොස් තරුණයාව නවතා මහමඟ ඔහුට පහර දී තිබුණා.

එම ස්ථානයට රථවාහන පොලීසිය පැමිණි පසුව යුද හමුදා කර්නල්වරයා විසින් තරුණයාට දැඩි ලෙස පහර දුන් බවට ප්‍රදේශවාසීන් පැවසූ අතර කර්නල්වරයාද තමන් පහර දුන් බවට වරද පිළිගත්තා.

පසුව කැස්බෑව පොලීසිය විසින් අදාළ යුද හමුදා කර්නල්වරයා අත්අඩංගුවට ගත්තද තරුණයා සමග ඇති කර ගත් එකඟතාවක් හේතුවෙන් කර්නල්වරයාව ඇප මත මුදාහැර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මුහුද මැදදී මගී බෝට්ටුවක දරුවෙකු ප්‍රසූත කරයි

යාපනය නාගදීපය ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට...

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...