24 C
Colombo
Tuesday, March 21, 2023

යුද හමුදාපතිත් ගණන් නොගන්නා නිරෝධායන නීති

- Advertisement -

වත්මන් යුද හමුදාපති මෙන්ම මෑතකදී ජෙනරාල් නිලයට උසස් කරන ලද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද නිරෝධායන නීති නොතකමින් ක්‍රියාකර ඇති ආකාරයක් පසුගියදා වාර්තා වුණා.
ඒ මෙවර උදුවප් පොහොය දින නෙල්ලිගල ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකල සුමන සමන් ප්‍රතිමාව නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීයි.


සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවට ලබාදී ඇති මාර්ගෝපදේශවලට අනුව පන්සල්, පල්ලි, කෝවිල් යන ස්ථානවල මහජනයා එක්රැස්වන ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නොලැබෙන බව අදාල මාර්ගෝපදේශවල සදහන් කර ඇත.
එමෙන්ම ඕනෑම අවස්ථාවක අදාල ආගමික ස්ථානයේ සිටිය හැකි උපරිම බැතිමතුන් 25 දෙනෙකුට සීමා කළ යුතු බවත් එම උපදේශ තදින්ම පිළිපැදිය යුතු බවත් එහි සදහන්.


කෙසේ වෙතත් පහත ඡායාරූප මගින් දැක්වෙන පරිදි විශාල පිරිසක් එක්රැස්වී ඇති මෙම ස්ථානයේ පුද්ගල දුරස්ථභාවය හෝ රැක නොමැති බව ඉතා පැහැදිලිව සටහන්ව තිබෙනවා.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් 19 මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානියාද වනවා.
එමෙන්ම ජනතාවට නිරෝධායන නීති පැහැදිලි කර දෙමින් ඊට අවනතව කටයුතු කරන ලෙස නිතර දෙවේලේ මාධ්‍ය අමතන්නේද ඔහුම වීම විශේෂත්වයක්.


මෙම ප්‍රතිමාව විවෘත කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ගුවනින් මල් වැස්සක්ද වස්සවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.